ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් නොතීසි

ඔක් 14, 2022

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එරට අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.

    ඒ 2021 වසරේ එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහායි.

    අමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීමෙන් පසු 2021 වසරේ ජනවාරි 6 වැනිදා ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුනා. ඉන් අනතුරුව, ඔවුන් එහි පාලනය සියතට ගත් අතර, එහිදී විශාල දේපළ විනාශයක්ද සිදුව තිබූ බව, වාර්තා වුණා.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොන්ග්‍රස් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම කැඳවීම සිදු කර තිබෙනවා. කමිටුවේ සාමාජිකයින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ඇති බවයි, වාර්තා වන්නේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාක්ෂි දීමට නොපැමිණියහොත්, ඔහුට විරුද්ධව අපරාධ චෝදනා එල්ල වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහුට සිරදඬුවම් විඳීමට පවා සිදුවනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News