පකිස්තානයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 17ක් මරුට

ඔක් 13, 2022

    පකිස්තානයේ බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 17 ‍දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    මෙලෙස මිය ගියේ, පසුගිය දිනවල එරටට බලපෑ ගංවතුරින් පීඩාවට පත්ව ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිට, යළි සිය නිවෙස් බලා රැගෙන යමින් සිටි පිරිසක්.

    ඊයේ රාත්‍රි මෙම අනතුරු සිදු වූයේ කරච්චි, හද්‍රාබාද්, ජම්ෂෝරෝ සහ සිංද් යන ප්‍රදේශ සම්බන්ධ‍ කරන "එම් 9" අධිවේගි මාර්ගයේ දී. බරපතල තුවාල ලැබූ දස දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවා. මිය ගිය 17 දෙනාම බස් රථය තුළදීම පිළිස්සී ගොස් ඇති බවයි, එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. බස් රථයේ 35 දෙනෙකු ගමන් කර ඇති අතර ඇතැමුන් පිටතට පැන දිවි ගලවා ගෙන තිබෙනවා. ගින්නට හේතුව ‍මෙතෙක් අනාවරණය කර ‍ගෙන නැහැ.

    Latest News