වසර 1600 කට වඩා පැරණි ‍රෝම චිත්‍රයක්, "හෝම්ස්" නගරයෙන් හමු වේ

ඔක් 14, 2022

    වසර 1600 කට වඩා පැරණි ‍රෝම යුගයේ චිත්‍රයක්, සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි "හෝම්ස්" නගරයෙන් හමු වී තිබෙනවා.

    පුරා විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ, එම චිත්‍රය ඉතා හොඳ මට්‍ටමේ පවතින බවයි. 

    යුද සමයේ කැරලිකරුවන් සතුව තිබූ "හෝම්ස්" නගරය, මේ වන විට පවතින්නේ, සිරියානු රජයේ පාලනය යටතේ. එහි යුද්ධයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමේ දී ඉපැරණි චිත්‍රය හමුවී තිබෙනවා. මෙය ඉතා විරල සිතුවමක් බව, පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. එමෙන්ම, 2011 වසරේ ඇරඹි යුද්ධයෙන් පසුව සිදු කෙරුණු වැදගත්ම පුරාවිද්‍යාත්මක ‍සොය ගැනීම ද මෙයයි. යුද්ධයෙන් සිරියාවේ පැවති ඉපැරණි ශිෂ්ටාචාරවලට අයත් පුරාවස්තු රැසක් විනාශයට පත්වුණා.

    Latest News