යුක්‍රේනයේ මිසයිල පද්ධතිය තර කිරීමට නේටෝ රටවල් සූදානම්

ඔක් 13, 2022

    යුක්‍රේනයේ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි. එම තීරණයට එළඹ ඇත්‍තේ යුක්‍රේනයට, රුසියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වීමෙන්  පසුවයි.

    බෙල්ජියමේ "‍බ්‍රසල්ස්" නුවර දී පසුගියදා හමු වූ අවස්ථවේ නේටෝ රටවල් විසින් මේ තීරණය ගනු ලැබීය. බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය, යුක්‍රේනයට ප්‍රතිමිසයිල හා රේඩාර් පද්ධති ලබා දීමට මේ වන විටත් එකඟවී තිබේ.

    ජර්මනියද,  මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාද දීමටයි, පියවර ගෙන ඇත්තේ.

    ඉකුත් දින කිහිපය ඇතුළත රුසියාව විසින් යුක්‍ක්‍රේනයට මිසයිල සියයකට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ක්‍රිමියා පාලමට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර සිදු කළ බවයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 09:47

    Latest News