මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහ මැතිවරණයට තරග බිමට...

ඔක් 12, 2022

    මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙවර මහ මැතිවරණයට තරග කරන බව,  ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

    එරට විශිෂ්ට දේශපාලඥයෙකු ලෙස සැලකෙන ඔහු‍ගේ වයස අවුරුදු 97ක්.    මැලේසියාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ පුරෝගාමියෙකු ලෙසයි මහතීර් මොහොමඩ් මහතා සැලකෙන්නේ.  ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ 1964 දී. අනතුරුව ඔහු දෙවරක් අග්‍රාමාත්‍ය ධූරය උසුලනු ලැබුවා.  පසුව 2018 වසරේදී ඔහු යලි එම ධූරයට පත්වනවා. ඒ, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිදු කළ මහා පරිමාණ වංචාවකින් අනතුරුවයි.  පසුව ඔහු නජීබ් රසාක් අග්‍රාමාත්‍යවරයාගේ දූෂණ, වංචා හෙළි කරන අතර,  ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලබනවා.  නැවත වතාවක් මෙවර මැතිවරණයට තරග කිරීමෙන් අනතුරුව ඔහුගේ සංධානය ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරනවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් කර නැහැ. 

    Latest News