ලෙබනනයෙන් වසර ගණනාවකට පසු කොළරා මරණයක්

ඔක් 13, 2022

    ලෙබනනයෙන් වසර ගණනාවකට පසු ඊයේ නැවතත් කොළරා මරණයක් වාර්තා වී තිබෙනවා.

    රට තුළ මේ වන විට කොළරා රෝගයේ නව ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

    ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නෙ, 1993 වසරෙන් පසු පළමු වරට ඉකුත් සතියේ එරටින් කොළරා රෝගයෙකු හඳුනා ගත් බවයි. මෙතෙක් හඳුනා ගෙන ඇති කොළරා රෝගීන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි සිරියාවෙන් රෝගීන් රට තුළට ව්‍යාප්ත වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ආර්ථික අර්බුදයකින් පසු ලෙබනනයේ යටිතල පහසුකම් පද්ධති බිඳවැටීමත් සමග සනීපාරක්ෂාව අඩාල වීම හේතුවෙන් එරට තුළ යළි කොළරා රෝග ව්‍යාප්තියක් නිරීක්ෂණය වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

    Latest News