ස්වීඩනය හා ෆින්ලන්තයට තුර්කියේ සහය...

ජූනි 29, 2022

    තුර්කිය, ස්වීඩනය හා ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා සහයෝගය ලබාදීමට එකඟවී තිබෙනවා.

    තුර්කිය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලැබූ රටක් වන අතර, ඔවුන් මීට පෙර ස්වීඩනය හා ෆින්ලන්තයට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබුණා. නමුත්, මෙම රටවල් දෙකට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.  මෙම රටවල් 03 එකිනෙකාගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ගිවිසුමකට ද එළඹී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News