රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් නේටෝ හමුදා සීරුවෙන්

ජන 25, 2022

    රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා ශක්තිමත් කිරීම සඳහා තම හමුදා භට ඛණ්ඩ සීරුවෙන් තැබීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

    8,500ක හමුදා බල ඇණියක් සමග ප්‍රහාරක ජෙට් යානා සහ ප්‍රහාරක නෞකා සූදානම්ව ඇති බවයි වාර්තා වන්නේ.

    අමෙරිකානු රහස් ඔත්තු සේවා හා බුද්ධි අංශ, රුසියාව යුකේනය ආක්‍රමණය කිරීමට සූදානම් බව, තහවුරු කර ගෙන තිබේ. මේ වන විට යුක්‍රේන - රුසියා දේශසීමාවේ ලක්ෂයක පමණ රුසියානු හමුදා භට පිරිසක් රැඳී සිටිනවා. මේ නිසා අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඊයේ තම පුරවැසියන් යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමට පියවර ගනු ලැබුවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුරෝපීය නායකයන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව අවධාරණය කළේ, එවැනි ආක්‍රමණයක දී එක්සත් ප්‍රතිචාරයක් දැක්වීමට එකඟත්වය පළ වූ බවයි. නේටෝ සංවිධානය ද සිය හමුදා බල ඇණි සීරුවෙන් තබා තිබේ.

    Latest News