ඉන්දීය කැස්ස සිරප් 4ක් ගැන WHO අනතුරු අඟවයි...

ඔක් 06, 2022

    ගැම්බියාවේ සිදු වූ ළමා මරණවලින් පසු ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් කිහිපයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

    එහි ප්‍රධානී "ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්රිනයේෂස්"පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ලබා දෙන සිරප් වර්ග හතරක්, ගැම්බියාවේ සිදුව ඇති ළමුන් 66 දෙනෙකුගේ මරණවලට හේතුවිය හැකි බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධ සිරප් පිළිබඳව අනතුරු ඇඟවීමෙන් පසුව ඒ, සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා. මෙම ඖෂධ උග්‍ර වකුගඩු ආබාධ සඳහා ද හේතු විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. අදාල ඖෂධ නිෂ්පාදනය කරනු ලැබ ඇත්තේ, ඉන්දීය සමාගමක් වන "මෙයිඩ්න් - ෆාමසියුටිකල්ස් ලිමිටඩ්" ඖෂධ සමාගම විසින්. කෙසේ වුවද මෙම ඖෂධ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එම සමාගම සහ ඉන්දීය නියාමන බලධාරීන් සමග වැඩිදුර විමර්ශන පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටි‍න්නේ මෙම ඖෂධ නිෂ්පාදන නිසි ලෙස හඳුනා ගෙන ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි.

    Latest News