ප්‍රහාරයත් සමග නවසීලන්තයේ ගිනිඅවි පාලනයකට

මාර් 18, 2019

    නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වෙනස් කිරීමට කැබිනට් හමුවක් අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ ඉකුත් සිකුරාදා එල්ල කෙරුණු ප්‍රහාරයෙන් අනතුරුවයි. ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා සතුව ගිනි අවි 5ක් ළඟ තබාගැනීමට බලපත්‍ර හිමිව තිබිණ. එම නිසා, අගමැති ජෙසින්ඩා ආඩෙන් මහත්මිය පවසන්නේ, නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වහාම වෙනස් කළ යුතු බවයි ඉකුත් සිකුරාදා නවසීලන්තයේ ගිනි අවි ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගොස් තවත් 50ක් තුවාල ලැබීය. එරට සාමාන්‍ය ජනාතාව සතුව ගිනි අවි ලක්ස 12ක් පමණ ඇතැය් ගණන් බලා තිබේ.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 07:50

    Latest News