'බෝයිං' පරීක්ෂාව ඇරඹේ

මාර් 18, 2019

    අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට බෝයිං සමාගමට අවසර දී තිබේ.

    පසුගියදා සිදුවූ ඉතියෝපියානු ගුවන් අනතුර මෙන්ම, ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් අනතුර ද සිදුව ඇත්තේ, පැහැදිලි සමාන ආකාරයකින් බවයි, පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

    ඉතියෝපියානු ගුවන් අනතුර සිදුවූයේ මීට මාස 5කට පෙර. කඩා වැටුනු යානා දෙකම අනතුරට ලක්වීමට පෙර එහි සිරස් වේගය, නැතහොත් යානය ගමන් කරන උස වෙනස්වීම එකම ආකාරයකින් සිදුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. යානා දෙකම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා වෙයි. එම යානාවල කිසියම් දෝෂයක් ඇති බවට මීට පෙර ද කතාබහට ලක්වූ නමුත්, දෙවැනි අනතුර සිදුවන තෙක්ම ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රීඩා මාර්ගයක් ගනු ලැබුවේ නැහැ. නමුත්, මේ වන විට එම වර්ගයේ සියලුම ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවා තිබේ.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 09:24

    Latest News