ක්‍රයිස්චර්ච්; මියගිය අයවෙනුවෙන් දේව මෙහෙයක්

මාර් 17, 2019

    නවසීලන්තයේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා තනිව ක්‍රියාකර ඇති බව, පොලීසිය පවසයි. මේ වනතෙක් ඔහු කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ බවට, කිසිඳු සාක්ෂියක් හමු නොවීම ඊට හේතුවයි.

    පසුගිය සිකුරාදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කළ ප්‍රහාරයෙන් 50 දෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් තුවාල ලැබීය. තුවාල ලැබූවන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතල බවයි, නවසීලන්ත බලධාරීන් පවසන්නේ. ප්‍රහාරය එල්ල කළේ 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති ඔස්ට්‍රේලියානු ජාතික පුද්ගලයෙක්. ඔහුට පුද්ගල ඝාතන චෝදනා මත නීතිමය කටයුතු සිදු කෙරේ. මෙම ප්‍රහාරය නවසීලන්ත ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    නවසීලන්ත අගමැතිනිය ජෙසින්ඩා ආඩෙන් කියා සිටියේ මෙම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඇය අද ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා එක්ව සිටියා. එහිදී, අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙම දිනය නවසීලන්තයේ අඳුරුතම දිනය බවයි.

    විපතට පත්වූවන් වෙනුවෙන් විශේෂ ක්‍රිස්තියානි දේව මෙහෙයක් අද උදෑසන ක්‍රයිස්චර්ච්හිදී පැවැත්විණ. ඊට ප්‍රදේශයේ බොහෝ ක්‍රිස්තු භක්තිකයින් සහභාගී විය. නවසීලන්ත ජනතාව ද ප්‍රහාරයෙන් මියගිය අයට ශෝක පළ කිරීමට එක්ව සිටියේය. එරට බොහෝ ස්ථානවල ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා පුෂ්පෝපහාර දැක්වීම් සිදු කර තිබෙනු දක්නට ලැබිණ.

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහා ඔපෙරා ගොඩනැගිල්ල විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීම සඳහා අලෝකමත් කර තිබිණ. ඔස්ට්‍රේලියාවේ නවසීලන්ත මහකොමසාරිස්වරයා කියා සිටියේ ඝාතකයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වුවත් ඔහුගෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය නොවන බවයි.

    නවසීලන්තයේ යතුරු පැදිකරුවන් කණ්ඩායමක් ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සාම්ප්‍රදායික හාකා නර්තනයක් ඉදිරිපත් කළේය. නර්තනය ඉදිරිපත් කරමින් කණ්ඩායම් නායකයා කියා සිටියේ, ප්‍රහාරය පාලනය කිරීම වෙනුවෙන් නවසීලන්ත පොලීසියට ස්තූතිවන්ත වන බවයි.

    10909612 3x2 700x467

    10909628 3x2 700x467

    10909664 3x2 700x467

    10909644 3x2 700x467

    10909706 3x2 700x467

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 11:16

    Latest News