ඉතාලියට ප්‍රථම වරට අගමැතිනියක්

සැප් 26, 2022

    ඉතාලි මහ මැතිවරණයෙන් අන්තදක්‍ෂිණාංශික අපේක්ෂිකා ජෝජියා මෙලනි ජයග්‍රහණය කර තිබෙනවා. මේ අනුව එරට ප්‍රථම අගමැතිනිය වශයෙන් ඇය  දිවුරුම් දෙනු ඇති.

    දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ බිහිවූ වඩාත්ම අන්තදක්‍ෂිණාංශික ආණ්ඩුව ලෙසයි, මෙලනිගේ නව ආණ්ඩුව හැදින්වෙන්නේ.

    ඇයට ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ සහ ප්‍රබල දේශපාලනඥයෙකු වන මැටියෝ සැලිවිනිගේ සහය ද, හිමි වී තිබෙනවා.

    යුරෝපා සංගමයේ තුන් වැනි විශාලතම ආර්ථිකය වන ඉතාලිය මෙහෙයවීම මෙලනි හමුවේ ඇති විශාලතම අභියෝගය යි.

    ඉතාලි ආර්ථිකය මේ වන විට දරුණු පසු බෑමක් පෙන්නුම් කරන අතර, මේ හේතුවෙන් ඇයට ඇති අභියෝග සුළු පටු නොවන බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    Last modified on සදුදා, 26 සැප්තැම්බර් 2022 13:06

    Latest News