බ්‍රිතාන්‍යයේ ස්ටර්ලිං පවුම වසර 38කට පසු වාර්තා වූ දරුණුම අවප්‍රමාණ අගයක...

සැප් 24, 2022

    වසර 38 කට පසු එක්සත් රාජධානීයේ මුදල් ඒකකය වන ස්ටලිං පවුම ඩොලරයට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබෙනවා.

    ඒ එරට නව අග්‍රාමාත්‍යවරිය වන "ලිස් ට්‍රස්ට්" සහ නව කැබිනට් මණ්ඩලය විසින් ගත් බදු කප්පාදුව හේතුවෙන් බවයි,ආර්ථික විශ්ලේෂකයින් පවසනේ. එක්සත් රාජධානියේ වසර 50 ක් තුළ සිදු කළ විශාලතම බදු කප්පාදුව හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව ස්ටලිං පවුම 3%කට වඩා පහත වැටි තිබෙනවා.

    එක්සත් රාජධානියේ ආර්ථික පිළිබඳව ඇති වී තිබෙන, දැඩි අවිනිශ්චිත භාවය සහ ඩොලරයේ ශක්තිමත් වීම ස්ටලිං පවුම මෑත කාලීනව පහත වැටෙමින් තිබුණා. ස්ටලිං පවුම යූරෝ මුදල් ඒකකයට වඩා 1%කින් පහත වැටි තිබෙනවා. බ්ලූම් බර්ග් දත්තවලට අනුව ආර්ථික විශේෂඥයින් අපේක්ෂා කරන්නේ, 2023 අගෝස්තු මාසයේදී එක්සත් රාජධානියේ පොළි අනුපාතය 5.2% දක්වා ඉහළ යනු ඇති බවයි. 

    ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන එංගලන්ත මහ බැංකුවේ මීළග රැස්වීමේදී ද එරට පොළි අනුපාතය වැඩි වීමක් සිදු වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. අයි.එෆ්.එස්. සමීක්ෂණ ආයතනය පවසන‍්නේ, එංගලන්ත රජයේ නව උපාය මාර්ගික නව සැලැස්මට අනුව මිල අධික අනුපාත යටතේ විශාල ණය මුදලක් ගැනීම හේතුවෙන් රාජ්‍ය ණය තිරසාර නොවන මගකට ගමන් කරමින් ඇති බවයි.

    Latest News