සිය භූමි ප්‍රදේශ තම පාලනයට ගැනීමට යුක්‍රේන හමුදාව ‍මෙහෙයුමක

සැප් 14, 2022

    ‍රුසියාව යටතට පත් සිය  භූමි ප්‍රදේශ යළි තම  පාලනය යටතට ගැනීමට යුක්‍රේන හමුදාව ක්‍රියා කරමින් සිටියි.

    මේ  වන විට එවැනි නගර කිහිපයක් මුදා ගැනීමට යුක්‍රේන හමුදාව  සමත්ව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. විශ්ලේෂකයන් පවසන්නේ, රුසියාව,  යුදමය  වශයෙන් කැපී පෙනෙන පසුබෑමක්  පෙන්නුම් කරමින් සිටින බව, ඉන් පෙන්නුම් කරන බවයි.

    රුසියාවට කිලෝ මීටර 3 ක් දුරින් පිහිටි   නගරයක් ද, යළි අත්පත් කර ගැනීමට යුක්‍රේන හමුදාව  ඊයේ සමත් වුණා. ඒ, "වොව්චන්ස්ක්"  නගරයයි. දෙරට අතර යුද්ධය ආරම්භයේ දී රුසියාව මුලින්ම තමන් සතු කර ගත් නරගයක් ලෙසයි, එම නරගය සැලකෙන්නේ.

    රුසියානු හමුදාව දකුණු දිග මෙලිටොපෝල් නගරය අත් හැර පසුබසිමින් සිටින බවද, වාර්තා වෙයි.

    කෙසේ වුවද රුසියානු බලධාරීන් පවසන්නේ, ඉදිරියේදී සිය මෙහෙයුම් තවදුරටත්  දැඩි කරමින් දැවැන්ත  ප්‍රහාර එල්ල කිරීමට අපේක්ෂා  කරන බවයි. ඇතැම් නගර මෙලෙස යළි යුක්‍රේන හමුදා වෙත ලබා දීම රුසියාවේ යුද උපක්‍රමයක් ද විය හැකි බවටද, මත පළ වනවා.

    Last modified on බදාදා, 14 සැප්තැම්බර් 2022 11:02

    Latest News