රුසියාව අල්ලාගත් භූමියෙන් කොටසක් යළි යුක්‍රේනය අල්ලා ගනී

සැප් 13, 2022

    රුසියාව, අත්පත්කර ගෙන සිටි තම භූමි ප්‍රදේශවලින් වර්ග කිලෝමීටර 6,000 ක් සැප්තැම්බර් මාසය තුළ දී යළි අත්පත් කරගැනීමට හැකිවූ බව යුක්‍රේනය පවසනවා.



    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ, ප්‍රහාර දිගටම එල්ල කරමින් තම හමුදා ඉදිරියට ඇදෙන බවයි.

    මෙම පසුබැසීම යුද්ධයේ තීරණාත්මක කඩයිමක් විය හැකි බව, යුද විශේෂඥයින් ප්‍රකාශ කළා. තම හමුදා පසුබසින බව, රුසියානු හමුදා පිලිගෙන ඇති නමුත්, ඔවුන් පවසන්නේ එම ක්‍රියාවලිය උපක්‍රමිකව සිදුකරන්නක් බවයි. මේ වන විට තම හමුදා යළි එකතු වෙමින් සිටින බව රුසියාව පවසනවා. යුක්‍රේන හමුදා එරට නැගෙනහිර සහ දකුණුදිග ප්‍රදේශවල ඉදිරියට යමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Latest News