ඉන්දීය අගමැති, චීන ජනපති සහ රුසියානු ජනපති අතර හමුවක්...

සැප් 13, 2022

    ‍ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර, හමුවක් හෙට සහ අනිද්දා  පැවැත්වෙනවා.

    එය  පැවැත්වෙන්නේ, උස්බෙකිස්ථානයේ දී.  උස්බෙකිස්ථානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයක්. චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ෂැංහයි ආර්ථික සහයෝගීතා සමුළුව මෙවර පැවැත්වෙන්නේ, උස්බෙකිස්ථානයේ සමර්කාන්ද් නගරයේ. මෙම නගරය අතීතයේ සේද මාවතට අයත් නගරයක් වුණා.  රුසියාව - යු‍ක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියානු ජනාධිපති පුටින් සහ  චීන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි. ෂැංහයි සමුළුවට  කසක්ස්ථානය, කිරිගිස්ථානය, ටජිකිස්ථානය සහ පකිස්තානය ද සහභාගී වනවා.  2019 කොවිඩ් වසංගත ආරම්භයෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං විදේශ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව ද මෙයයි.

    Latest News