ඉතියෝපියාවේ ටිග්‍රේ සටන්කාමීන්ගෙන් සටන් විරාමයකට කැමැත්ත

සැප් 12, 2022

    ඉතියෝපියාවේ ටිග්‍රේ සටන්කාමීන් සටන් විරාමයකට කැමැත්ත පළ කර තිබෙනවා.

    අප්‍රිකානු සංගමයේ සාම ක්‍රියාවලිය පිළිගන්නා බවයි, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

    ඉතියෝපියාවේ වසර 2 ක් පුරා පවතින යුදමය තත්වය මින් අවසන් වනු ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. කෙසේ වුවද, ඒ සඳහා සාම සාකච්ඡා සහ මීට අදාළ ක්‍රියාවලිය සාර්ථක විය යුතුයි. මාස කිහිපයක දරුණු ගැටුම්වලින් පසු අප්‍රිකානු සංගමය සහ ජාත්‍යන්තර මැදිහත් වීමෙන් මේ සඳහා ටිග්‍රේ සටන්කාමීන් එකඟ කර ගැනීමට හැකිවීම සාධනීය තත්වයක් බවයි, වාර්තා වන්නේ. ටිග්‍රේ සටන්කාමීන් ඊ‍යේ නිල වශයෙන් ප්‍රකාශ කළේ, රට තුළ හිතකර වාතාවරණයක් ඇති කිරීම සඳහා අන්‍යේන්‍ය වශයෙන් සතුරුකම් නතර කිරීමට සූදානම් බවයි.

    Latest News