‍ස්විඩන් මහ මැතිරවණයේ ඡන්ද ගණන් කිරීම අවසන් අදියරට

සැප් 12, 2022

    ‍ස්විඩන් මහ මැතිරවණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරට එළඹ තිබෙනවා.

    වර්තමානයේ අගමැති මැන්ඩලීනා ඇන්ඩර්සන්ගේ පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වනු ඇති බවයි, මෙතෙක් නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව පෙනී යන්නේ.

    ‍අද උදෑසන වන විට කන්සර්වේටිව් පක්ෂය ‍ආසන 176 ක බලය හිමි කර ගැනීමට සමත්ව සිටියා. ඇන්ඩර්සන්ගේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙතෙක් හිමි කර ගෙන ඇති ආසන සංඛ්‍යාව 173ක්. මෙවර මැතිවරණයේ දී කන්සර්වේටිව් පක්ෂය ජනතාවාදී සංක්‍රමන විරෝධි පක්ෂය සමග ඒකාබද්ධ වී සිටීම නිසා ඔවුන්ට වැඩි වාසි අත්වනු ඇති බවට මැතිවරණ විශ්ලේෂකයන් මුල සිටම මත පළ කළා. හෙට දිනය වන විට අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News