කැනඩාවේ පිහි ඇනුම් සැකකරු අත්අඩංගුවට ගත්පසු මියයයි

සැප් 08, 2022

    දස දෙනෙකු ඝාතනයට ලක් කළ කැනඩාවේ පිහි ඇනුම් සිද්ධියේ අවසන් සැකකරු අත්අඩංගුවට ගෙන ටික වේලාවකට පසු මිය ගොස් තිබෙනවා. කැනීඩියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඔහු විසින්ම  ඔහුට සිදු කර ගත් තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

    මයිල්ස් සැන්ඩර්සන් නැමති සැකකරු කැනඩාවේ සැස්කචුවාන් පළාතේ රොස්කන් නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු  පලා යාමට උත්සහ කර ඇති අතර, ලුහුබැදීමකින් පසු පොලීසියට බාර වී ඇති බවයි, වාර්තා වන්නේ. අත්අඩංගුවට ගන්නා  අවස්ථාවේ සැකකරු පණපිටින් ගිලන් රථයකින් රැගෙන ගිය බව, බලධාරීන් පවසනවා.

    එ‍රට රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරන්නේ,  ඔහු විසින් ‍සිදු කර ගත් තුවාල හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර ලේ ගැලීම් නිසා මරණය සිදුව ඇති බවයි. මයිල්ස් සැන්ඩර්සන් අත්අඩංගුවට පත් වූයේ, ඔහුගේ සොහොයුරාගේ මරණයෙන් දින දෙකකට පසුවයි.

    සොහොයුරා වූ 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් ද, පිහි ඇනුම් සිද්ධියේ  චූජිතයෙක්. ඔවුන් දෙදෙනා සිදු කළ පිහි ඇනුම්වලින් දස දෙනෙකු මිය ගොස්, 18දෙනෙකු තුවාල ලැබුවා. 

    Latest News