සිය භූමි ප්‍රදේශ කිහිපයක් යළි යුක්‍රේන හමුදාව යටතට

සැප් 08, 2022

    රුසියාව, යුක්‍රේන භූමියේ  අත්පත් කර ගත් ප්‍රදේශ කිහිපයක් යළි යුක්‍රේන හමුදාව යටතට ගෙන ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    රුසියා -   යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී  මේ වන විට  සති 28 ක් වනවා. ය්‍රක්‍රේන හමුදාවන්හි සාර්ථක ප්‍රතිප්‍රහාර හේතුවෙන් දකුණු කර්සෝන් ප්‍රදේශයේ සහ රටේ නැගෙනහිර සිට උතුරු පෙරමුණේ ඇති රුසියානු ආරක්ෂක  වළලු බිඳ දැමීමට හැකි වී ඇති බවයි, වාර්තා වන්නේ. 

    යුක්‍රේන හමුදාව ඊයේ,  උතුරු කාකිව්  ප්‍ර‍දේශයේ  විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක  කළා. කාකිව් නගරයට ගිණිකොණ දෙසින් කිලෝ මීටර 70 ක පමණ දුරකින් රුසියානු හා යුක්‍රේන හමුදා අතර දරුණු සටහන් ඇති  වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එහිදී රුසියානු හමුදාව දරුණු පසුබෑමකට ලක්ව ඇති බව, වාර්තා වනවා.

    යුක්‍රේන හමුදාව,  කාකිව් ප්‍රදේශයේ ගම්මාන දෙකක් වටකර ඇති අතර, එහිදී රුසියානු හමුදාව ඉදිරියට එන යුක්‍රේන හමුදාව නැවැත් වීම සඳහා  ප්‍රදේශයේ පාලම් කිහිපයක් විනාශ කර තිබෙනවා. 

    Latest News