සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 21ක්...

සැප් 11, 2022

    සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 21ක් සම්පූර්ණ වෙනවා.

    අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් තුන්දහසක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. ‍ අමෙරිකා‍වේ අභ්‍යන්තර ගුවන්යානා පැහැරගත් අල්කයිඩා ත්‍රස්තවාදීන් ඒවා යොදාගෙනයි, මෙම ප්‍රහාරය එල්ල කළේ. ඔවුන් ගුවන්යානා 04ක් පැහැරගෙන ඉන් ප්‍රහාර තුනක් සාර්ථකව එල්ල කළා. එක් ගුවන් යානයක ප්‍රහාරය අසාර්ථකවීමෙන් කඩා වැටුණා.

    මෙම ප්‍රහාරයෙන් 25,000ක පමණ පිරිසක් තුවාල ලැබුවා. ඉන් බරපතලම හානිය සිදු වුණේ, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයටයි. පෙන්ටගනයටත් ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවුණා. 2001 වසරේ මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ, අල්ඛයිඩා ත්‍රස්තවාදීන් විසින්.  එය හැඳින්වෙන්නේ,  ලොවවැඩිම ජීවිත හානියක් සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙසයි. මින්, අමෙරිකාවට සිදුව මූල්‍යමය පාඩුව ඩොලර් බිලියන 10කට අධිකයි. ඊට ප්‍රතිචාරය වූයේ ත්‍රස්තවාදයට එරෙහිව විශාල ‍යුද්ධයක් ‍අමෙරිකාව ආරම්භ කිරීමයි. පසුව අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් ඝාතනය කිරීමට ද අමෙරිකාව සමත් වුණා.   

    Latest News