අමෙරිකානු පුරවැසියන්ගේ ආයු අපේක්ෂා දර්ශකය පහතට

සැප් 01, 2022

    1996 වසරින් පසු අමෙරිකානු පුරවැසියන්ගේ ආයු අපේක්ෂා දර්ශකය, වාර්තා ගත ලෙස පහත වැටී තිබෙනවා. සෞඛ්යන අංශ පෙන්වාදී ඇත්තේ, කොරෝනා වෛරසයේ බලපෑම ඊට ප්රරධාන වශයෙන් හේතු වී ඇති බවයි.

    සංවර්ධිත රටක් ලෙස අමෙරිකාව සතු සෞඛ්ය හා යටිතල පහසුකම් හේතුවෙන්, එරට රජය ජනතාවගේ ආයු කාලය අවුරුදු 80 කට වඩා ඉහළ නැංවීමට බලාපොරොත්තු වනවා.

    2019 වන විටත් අමෙරිකාව තුළ සාමාන්ය යෙන් වයස අවුරුදු 79 ක ආයු අපේක්ෂා වක් පැවති අතර, කොරෝනා වසංගතයත් සමග එය 76.1 ක් දක්වා පහත වැටි තිබෙනවා.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙලෙස ආයු අපේක්ෂාෙව පහළ යාම අමෙරිකානු හා ඇලෙස්කානු සම්භාවයක් සහිත පුරවැයින් ගෙන් පමණක් නිරූපනය වන බවයි. නවතම දත්ත අනුව ඉහළ ආයු අපේක්ෂා්වක් සහිත රටවල් අතර, අමෙරිකාව දැන් පසුවන්නේ 6 වැනි ස්ථානයේ යි.

    ගෝලීය රටවල් අතර ඉහළ ආයු අපේක්ෂාකවක් පවතින රට බවට ජපානය පත්ව තිබෙනවා. එරට ජනතාවගේ ආයු අපේක්ෂාරව අවුරුදු 85 ක් ලෙසයි සැලකෙන්නේ.

    Latest News