පකිස්ථානයේ 75 වන ජාතික දිනය අද...

අගෝ 14, 2022

    පකිස්ථානයේ 75 වන ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

    ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේදී අද පැවැත්වුණා. ඒ, මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතාගේ ප්‍රධානත්වයෙන්. පකිස්ථාන ජාතික ධජය එසවීමෙන් අනතුරුවයි උත්සවය ආරම්භ කෙරුණේ. පකිස්ථාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිකුත් කරනු ලැබු නිදහස් දින පණිවිඩ ද මෙහිදී කියවනු ලැබුවා.

    පකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා එහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර සබඳතා ඉතා ශක්තිමත්ව පවතින බවයි. එම සබඳතා තවත් ශක්තිමත් කිරීමට ක්‍රියාකරන බවද ඔහු සඳහන් කළා. මේ අවස්ථාවට මෙරට දේශපාලඥයින් රැසක්ද, පකිස්ථාන ව්‍යාපාරික ප්‍රජාව සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

    Latest News