සොයිසාපුර හදිසි ගින්නක්

අප්‍රේ 07, 2019

    ඊයේ (06) රාත්‍රී 9.15ට පමණ ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හට ගෙන තබේ.

    එම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු ගබඩාවේ මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

    ගල්කිස්ස පොලිසිය මගින් මොරටුව, දෙහිවල හා කොළඹ ගිනි නිවීමේ ඒකක වෙත දැනුම් දීමෙන් පසු ආයතනයේ සේවකයන්ගේද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට හැකිව තිබේ. මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳවද මෙතෙක් තකසේරු කර නොමැත.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත. පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News