බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ ගින්නක්

සැප් 06, 2019

    බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ දික්අරාව කන්ද වන සංරක්ෂණයේ ඊයේ රාත්‍රි ගින්නක් හටගෙන තිබේ.

    එම ගින්න නිසා මේ වන විට රක්ෂිතයේ වන වගාවට සහ රක්ෂිතයේ ඇති පතන අක්කර 10ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තාවේ. රාත්‍රි කාලයේ මෙම පතනට කිසියම් පුද්ගලයෙකු ගිනි තබන්නට ඇතැයි විශ්වාස කරන බව අප වාර්තාකරු සඳහන් කරයි.
    ගින්න මේවන විට පාලනය කර ඇති අතර දැඩි සුළං සහ වියළි කාලගුණ තත්ත්වය නිසා ගින්න මැඩපැවැත්වීම ඉතා අසීරු වූ බව වැඩිදුරටත් වාර්තාවේ. ගින්න නිසා අවට ජල උල්පත් වලට හානී සිදුවි තිබේ.

    Latest News