දකුණු කොරියාවේ ගංවතුරින් 8ක් මරුට

අගෝ 09, 2022

    දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.

    ඒ නිසා, අගනුවර ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යටවී ඇති අතර පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    ගංවතුර හේතුවෙන් පුද්ගලින් 14 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. නගරයේ ප්‍රදේශ රැසකම මහා මාර්ග සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ අතර උමං දුම්ර්ය මාර්ගවල ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටියා. වාහන විශාල ප්‍රමාණයක් වතුරට යටවී තිබෙනවා. ගංවතුර හේතුවෙන් අවතැන් වූවන්ට වහාම සහන සළසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. තවද අනතුරුදායක ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කරන ලෙසත් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. කාලගුණ බලධාරීන් පවසන්නේ ඉදිරි දින වලදී වර්ශාපතනය තවත් ඉහළයාමේ අවදානමක් ඇති බවයි.

    Latest News