බෝම්බ ප්‍රහාරයකින්, ප්‍රබල තලෙයිබාන් සාමාජිකයෙකු ඇතුළු 4ක් මරුට

අගෝ 09, 2022

    ‍තලෙයිබාන් සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර‍ ගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින්, ප්‍රබල තලෙයිබාන් සාමාජිකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ‍අබ්දූල් වාලි හෙවත් ඕමාර් කලීඩ් කොරාසානි, පකිස්තාන-තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන අ‍ණ‍ දෙන නිලධාරියෙකු ලෙස ක්‍රියා කළා. ‍මෑත වසරවල පකිස්තානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් පිටුපස ඔහු සිටි බවට, විශ්වාස කෙරෙනවා. “ඇසෝෂියේටඩ් ෆ්‍රෙස්” වාර්තා කරන්නේ, ඉකුත් ඉරිදා රාත්‍රියේ ඇෆ්ගනිස්ථානයේ - පක්ටිකා පළාතේ ඇති පකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල දි අබ්දුල් වාලී රැගත් වාහනය මාර්ගයක් අසල අටවා තිබූ බෝම්බයකට ගොදුරු වී තිබෙනවා. ඝාතනය ලක් වූ අනෙකුත් පුද්ගලයින් තිදෙනා අතර ඔහුගේ රියදුරු සහ සමීපතමයින් දෙදෙනෙකු වන බවයි, වාර්තා වන්නේ. පකිස්තාන - තලෙයිබාන් සංවිධානය ඊයේ දින ඔහුගේ මරණය තහවුරු කළා. පකිස්තාන බුද්ධි අංශ ඒජන්සිය මෙම ඝාතනය පිටුපස සිටින බවටයි, ඔවුන් චෝදනා කළේ.‍


    Latest News