මගී ගුවන් යානයක් දකුණු කොරියාවේ “මුආන්” ජාත්යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන්, 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දකුණු කොරියාවේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්‍රවී තිබෙනවා.
රුසියාවේ හමුදා පුහුණුව ලබන උතුරු කොරියානු සෙබළුන් වහාම ඉවත් කරන ලෙස දකුණු කොරියාව රුසියාවට දැනුම් දී තිබෙනවා.
නව වෛද්‍යවරුන් බඳවා ගැනීමේ සැලසුමට විරෝධය පළ කරමින් දකුණු කොරියානු වෛද්‍යවරු වැඩ වර්ජනයක නිරත වී සිටිනවා.

දකුණු කොරියාවේ හොඳම විදෙස් ශ්‍රමිකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ චාමර චන්දිමාල් ජයන්ත මහතාට හිමිව තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් උත්සවයක් අතරතුර දී තෙරපීමෙන් මිය ගිය පුද්ගලයන් 153 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද වනවා.

උතුරු කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ආරම්භ කර තිබෙනවා. දෙරට අතර, දුම්රිය ගමන් මාස 5 ක් පුරා නවතා දමා තිබුණේ, කොවිඩ් වසංගතය හේතුවෙන්.

දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.

‍‍‍දකුණු කොරියාවේ උද්ධමනය වාර්තා  ගත ලෙස ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන් එරට මහ බැංකුව සිය පොලී අනුපාත ඉහළ දැමීමට ක්‍රියා කර ඇති බවයි, වාර්තා වන්නේ. වසර 24 ක් තුළ එරට උද්ධමනය ශීඝ්‍රයෙන්ම සිදුවන  අවධිය මෙය බව, ආර්ථික විශ්ලේෂකයන්  පවසනවා.

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (25) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත් විය.

Latest News