මෝදි ඉදිරියෙන්

මැයි 23, 2019

    ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. දැනට වාර්තා වී ඇති තොරතුරු අනූව, මැතිවරණ බලප්‍රදේශ 328ක ඉදිරියෙන් සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.

    අදියර 7කින් සති 6ක කාලයක් පැවති මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද උදෑසන 8.00ට ආරම්භ විය. මැතිවරණ බල ප්‍රදේශ 542ක් අතරින් මීට සුළු මොහොතකට පෙර ගණන් කිරීම ආරම්භ වී ඇත්තේ, බල ප්‍රදේශ 397කයි.

    එයින් 92ක ඉදිරියෙන් සිටින්නේ, රාහුල් ගාන්ධිගේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානයයි. මැතිවරණ බල ප්‍රදේශ 58ක ප්‍රධාන ධාහරාවෙන් පරිබාහිර වූ පක්ෂ ඉදිරියට පැමිණ සිටියි. කේරළ ප්‍රාන්තයේ වයානාද් මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරියෙන් සිටින්නේ, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි. ගුජරාධි ගාන්ධිනගර් මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරියට පැමිණීමට බී.ජේ.පී.ප්‍රබලයෙකු වූ අමිත් ශා සමත්ව සිටියි. කර්නාටක ප්‍රාන්තයේ මධ්‍යම බැංගලෝර් බල ප්‍රදේශයෙන් තරගවදින සුප්‍රකට නළු ප්‍රකාශ් රාජ් පසුබෑමකට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 15:42

    Latest News