ඉන්දීය භාරතීය ජනතා පක්ෂයට දරුණු පරාජයක්

මැයි 03, 2021

    ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයෙන් එරට පාලක භාරතීය ජනතා පක්ෂයට දරුණු පරාජයක් අත්වී තිබේ.

    අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රබල ප්‍රතිවාදියෙක් වන මමතා බෙනර්ජි ගේ පක්ෂය එක් ප්‍රාන්තයක ජයග්‍රහණය තහවුරු කර ගෙන තිබේ.

    බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජයග්‍රහණය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හිමි කර ගනු ඇති බවට අනාවැකි පළ වී තිබිණ.

    නමුත්, දැනට පවතින කොරෝනා අවදානම නිසා අගමැති මෝදිගේ ජනප්‍රියත්වය පහළ යාම හේතුවෙන් විපක්ෂයට පහසු ජයක් හිමි වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මැතිවරණය පැවති අසෑම්,තමිල්නාඩු,කේරළ ප්‍රාන්තවලත් මෝදිගේ පක්ෂයට දරුණු පසුබෑමක් හිමි වී තිබේ. මැතිවරණයෙන් අනතුරුව පැවති ජයසැමරුම් උත්සව හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා අවදානම තවත් ඉහළ යනු ඇති බව, විශ්ලේෂකයින් පවසයි.

    Last modified on සදුදා, 03 මැයි 2021 09:39

    Latest News