ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

ජූලි 27, 2023

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ප්‍රංශ ජනාධිපතිවරයා සිය සංචාරයේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරනවා.

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හෙට සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

    නායකයින් දෙපළ කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

    ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු ඓතිහාසික අවස්ථාව මෙයයි.

    Latest News