ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල යළි ඉහළ

මැයි 31, 2022

    ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120ක් ලෙස ඊයේ සටහන් විය.

    මීට සාපේක්ෂව අනෙකුත් වර්ගවල බොර තෙල් මිල ද ඊයේ ඉහළ ගොස් තිබිණ. චීනයේ ෂැංහයි නුවර, වසා දැමීමේ සීමා ඉවත් කිරීම මෙම බොර තෙල් මිල ඉහළ යාමට ආසන්නතම ප්‍රධාන හේතුව බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවේ ඉන්ධන අපනයනය සීමා වීම ද මීට තවත් හේතුවක්.

    ගෝලීය ඉන්ධන මිල ගණන් මේ අනූව, තවදුරටත් ඉහළ යනු ඇති බවට ද විශ්ලේෂකයින් පවසයි.

    මේ අනූව, ලොව පුරා පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉදිරියේ දී විශාල ලෙස ඉහළ යාමේ අවදානමක් ඇති බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 31 මැයි 2022 10:22

    Latest News