මොනාලිසා සිතුවමට කේක් ප්‍රහාරයක්

මැයි 31, 2022

    ලොව අග්‍රගන්‍ය සිතුවමක් වන මොනාලිසා චිත්‍රයට කිසියම් පුද්ගලයෙකු කේක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමක් වන මෙය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

    කාන්තාවක් ලෙස හැඳපැළදගත් පුද්ගලයෙකු රෝද පුටුවක නැගී පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. වෙඩි නොවදින අධික ආරක්ෂිත වීදුරුවකින් ආවරණය කර ඇති මෙම චිත්‍රයට ප්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදුව නොමැත.

    ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු එම පුද්ගලයා පෘථිවිය ගැන සිතන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර තිබේ.

    1503 වසරේ ලියනාඩෝ ඩිවින්චි සිතුවම් කළ මෙය, ලොව අග්‍රගන්‍ය හා වටිනාම සිතුවමක් ලෙසයි සැලකෙන්නේ.

    ප්‍රහාරය එල්ල කළ 36 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මානසික ආබාධ සහිත පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ඒකකයක් වෙත රැගෙන ගොස් තිබේ.

    Latest News