බොර තෙල් ගොඩබෑම අද ඇරඹේ

මැයි 27, 2022

    මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ සඳහා ගෙවීම් සිදු කළ බවයි, එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ.

    බොරතෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ හැකි බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි. ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඔහු කියා සිටියි.

    එමෙන්ම, මේ වනවිට පෙට්‍රල් හා ඩිසල් අඛණ්ඩව පිරවුම්හල් ‍වෙත බෙදා හැරීමට පියවර ‍ගෙන ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    Latest News