සපුගස්කන්දට සයිප්‍රස් සමාගමකින් බොර තෙල්

පෙබ 01, 2022

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් සපයා ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ වසරේ ජුලි මාසය සඳහා බොර තෙල් සපයා ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ. පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් සැපයීම සඳහා සයිප්‍රසයේ සමාගමක් විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    දින 180ක ණය පදනම යටතේ බොර තෙල් සැපයීම සඳහායි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක්කර මූලික වශයෙන් බැරල් 4 50,000ක නැව් තොගයක් සපයා ගැනීම නිර්දේශ කර තිබේ.

    එම නිර්දේශයටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ. 

    Latest News