යුද්ධයක් නිසා වැඩිවන බොරතෙල්

ඔක් 27, 2023
    ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මේ වන විට මතුව ඇති බවයි, විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ගෝලීය ආර්ථික සංවර්ධනයට ද බරපතල ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, ලෝක බැංකුව ප්රකාශ කරන්නේ.

     ගෝලීය බොරතෙල් මිල සඳහා මිනුම් දණ්ඩක් වන බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 1 යි දශම 1 යි 6 සිට ඩොලර් 89 යි දශම බින්දුවයි නවයක් දක්වා අද ඉහළ ගිය බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    අමෙරිකානු හමුදාව විසින් එක් රැයක් තුළ සිරියාවට එල්ල කරන ලද ප්රහාර ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමට සෘජුව බලපා ඇති බවයි, එම මාධ්ය සඳහන් කරන්නේ.
    ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන්, ගෝලීය ආර්ථිකය මේ වන විටත් ඉතා භයානක සන්ධිස්ථානයක පවතින බවයි.

    Latest News