තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක්

ජූනි 22, 2022

    තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 

    එම ඉන්ධන තොගය අද ගොඩබෑමට නියමිතයි. එම ඉන්ධන විදුලිබලය උත්පාදනයට හා කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    නොරොච්චෝලේ විදුලි බලාගාරය, විදුලි පද්ධතියට එක් කරන තෙක් දෛනික විදුලි කප්පාදුව පැය දෙක හමාරේ සීමාවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි. 

    Kanchana

    Latest News