"ජේම්ස් වෙබ්" දුරේක්ෂය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව, "නාසා" ආයතනය පවසයි...

මැයි 04, 2022

    "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත බව, නාසා ආයතනය පවසනවා.

    ඉකුත් වසරේ දී අභ්‍යවකාශ ගත කෙරුණු මෙම දුරේක්ෂයට දරන ලද මුළු පිරිවැය, ඩොලර් බිලියන 10ක්. දුරේක්ෂය, මේ වන විට පූර්ණ වශයෙන් නිසි ආනතියට හැරී අවශ්‍ය උෂ්ණත්වයට ලඟවී තිබෙනවා. එහි සියලුම උපාංග පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට පෙර, මේ වන විට අවසන් පරීක්ෂණ මට්ටම්වල පවතිනවා.

    එහෙත්, අභ්‍යවකාශ දුරේක්ෂය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි, වාර්තා වී ඇත්තේ. එය ක්‍රියාත්මක වීටම අවශ්‍ය උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් අංශය ඍණ 230ක්. ජේම්ස් වෙබ් දුරේක්ෂයට පෙර නාසා ආයතනය දියත් කල "හබල්" දුරේක්ෂයට වඩා මෙහි දර්පණ තලයේ ප්‍රමාණය ආසන්න වශයෙන් තුන් ගුණයක්. එසේම හබල් දුරේක්ෂය මගින් නිරීක්ෂණය කළ හැකි ප්‍රමාණයට වඩා ඉතා විශාල සංඛ්‍යාත පරිමාණයක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි වනවා.

    Latest News