ඔපෙක් තීරණාත්මක සාකච්ඡාවක් හෙට

මාර් 03, 2021

    ඔපෙක් සංවිධාන නියෝජිතයන්ගේ තීරණාත්මක සාකච්ඡාවක් හෙට(04) පැවැත්වේ.

    එහි දී ගෝලීය බොරතෙල් සැපයුම් පිළිබඳ විශේෂ තීරණ ගණනාවක් ගැනීමට නියමිතයි.

    මේ සඳහා ඔපෙක් සාමාජිකත්වය දරණ රටවල සහ රුසියාව ප්‍රමුඛ ඔපෙක් සාමාජික නොවන රටවල නියෝජිතයන් සහභාගීවනු ඇත. පසුගිය කාලය පුරා කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය බොරතෙල් පරිභෝජනය කැපීපෙනෙන අඩුවීමක් පෙන්නුම් කළා. මේ හේතුවෙන්, බොරතෙල් සැපයුම්කරුවන්ට සිදු වූයේ විශාළ පාඩුවක්. එවැනි වාතාවරණයක හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී පවතින වත්මන් ගැටලු පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඔපෙක් සංවිධානය යටතේ දැනට දිනයකට බොර‍තෙල් බැරල් මිලියන 1.5ක් ගෝලීය වෙළඳපොල වෙත නිකුත් කෙරේ. එය තවත් බැරල් ලක්ෂ 5කින් ඉහළ නැංවීම පිළිබඳ ව ද හෙට සාකච්ඡාවේ දී අවධානය යොමු වන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News