ලෝක ඉන්ධන මිල පාලනයට අමෙරිකාවෙන් තෙල් බැරල් මිලියන 50ක්

නොවැ 24, 2021

    ලෝක ඉන්ධන මිල පාලනයට අමෙරිකාව තමන් සතු තෙල් සංචිතවලින් බැරල් මිලියන 50ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

    ඊට සමගාමීව ඉන්දියාව ද සිය තෙල් සංචිතවලින් බැරල් මිලියන අටක් නිදහස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් අවශ්‍යතා තෙල් සැපයුම සීමා වීමෙන් ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඉන්ධන භාවිතය පහළ ගොස් ඇති අතර ඔපෙක් සංවිධානය විසින් තෙල් නිෂ්පාදනය සීමා කරනු ලැබුවා. එම සීමා කිරීම තවදුරටත් පවතින අතර බොහෝ රටවල් නැවතත් දෛනික වැඩ කටයුතු ආරම්භ කර ඇති නිසා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම මෙසේ ඉහළ ගොස් තිබෙනවා.

    මෙම මිල පහළ දැමීම සඳහා අමෙරිකාව ඇතුළු රටවල් බොහොමයක් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ඔපෙක් සංවිධානයෙන් ඉල්ලා සිටි නමුත් ඔපෙක් සංවිධානය මේ වන තෙක් පියවරක් ගන නැහැ.

    ඒ හේතුවෙන් තමන් සතු තෙල් සංචිත මෙලෙස නිදහස් කිරීමට ඉන්දියාව, අමෙරිකාව, ජපානය, චීනය, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් එක්ව කටයුතු කරනවා.

    Latest News