ඉහළ යන ගෝලීය තෙල් මිල පාලනයට එකඟතාවක්

ජූලි 19, 2021

    ඉහළ යන ගෝලීය තෙල් මිල පාලනය සඳහා එකඟතාවකට පැමිණීමට ගෝලීය තෙල් සැපයුම් කරුවන් සමත් වී තිබෙනවා.

    මේ අනුව තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ. ඔපෙක් සංවිධානය සහ අනෙකුත් තෙල් නිෂ්පාදකයන් අතර එකඟතාවක් නොමැතිවීම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ලෝක තෙල් මිල විශාල ලෙස ඉහල ගියා. ඊට හේතුව කොරෝනා වසංගතය සමඟ තෙල්වලට තිබූ ඉල්ලුම පහළ යාමත් සමග ඔපෙක් සංවිධානය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10 කින් පහත හෙලීමයි. මේ වසර තුළ පමණක් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 43 කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඔපෙක් සංවිධානය සහ අනෙකුත් තෙල් නිෂ්පාදකයන් විසින් පසුගියදා ගනු ලැබූ නව තීරණයත් සමඟ ඉදිරියේදී තෙල් මිල ඉහළ යාම පාලනය වනු ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

    Latest News