යුක්‍රේනයේ දළ දේශීය නිෂ්පාදනය පහතට

අප්‍රේ 11, 2022

    යුක්‍රේන ආර්ථිකයට දැරිය නොහැකි තරම් එරට දළ දේශීය නිෂ්පාදනය පහත වැටී ඇති බව වාර්තා වෙයි. ලෝක බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තා අනූව මේ වසරේ දී 45.1%කින් පමණ යුක්‍රේන ආර්ථිකය පහත වැටෙනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

    ලෝක බැංකු වාර්තා අනූව යුක්‍රේනයට අමතරව රුසියාවේ ද දළ දේශීය නිෂ්පාදනය 11.2%කින් පමණ මේ වසර තුළ පහත යන බව වාර්තා වෙයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා යුරෝපය ‍මේ වන විට රුසියාවට විරුද්ධව පනවා ඇති සම්බාධක, මෙසේ රුසියාවේ දළ දේශීය නිෂ්පාදනය සඳහා බලපා ඇති බවයි, වාර්තා වන්නේ.

    යුද්ධය හේතුවෙන් දේශීය නිෂ්පාදනය නතර වීම හා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වීම යුක්‍රේනය කෙරෙහි බලපා ඇති ප්‍රධාන ගැටලුවයි. යුක්‍රේනයේ කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන් සිදුවන බොහෝ ප්‍රදේශවල මේ වන විටත් ගොවිපොළවල් සම්පූර්ණ වශයෙන් විනාශයට පත්ව තිබේ.

    මේ අනූව, නැගෙනහිර යුරෝපානු කලාපය පිළිබඳව ලෝක බැංකුව ඉදිරිපත් කර ඇති ප්‍රක්ෂේපනයේ දී 30.4%කින් ආර්ථිකය සංකෝචනය වන බව ලෝක බැංකුව පෙන්වා දෙයි. ඒ අනූව, යුක්‍රේනය, බෙලරුසය, මොල්ඩොවා කලාපය මෙම ආර්ථික බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන බවයි, ලෝක බැංකු වාර්තා පෙන්වා දී තිබේ.

    Last modified on සදුදා, 11 අප්‍රේල් 2022 11:51

    Latest News