නැගෙනහිර යුක්‍රේනය හමුදා බලය දැඩි කෙරේ

අප්‍රේ 11, 2022

    නැගෙනහිර යුක්‍රේනයේ හමුදා බලය වැඩි කිරීමට එරට පියවර ගෙන තිබේ. රුසියාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණයි.

    එහෙත් රුසියාව කියා සිටියේ, නැගෙනහිර යුක්‍රේනයෙන් තම හමුදා මුළුමණින්ම ඉවත් වී ඇති බවයි. නැගෙනහිර ප්‍රදේශයේ දී රුසියානු හමුදාවට සැළකිය යුතු තරම් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

    ඒ යුක්‍රේන හමුදා සහ ස්වෙච්ජා භටයින්ගේ ප්‍රහාර හේතුවෙන්. මේ වන විට බ්‍රිතාන්‍ය අමෙරිකාව හා යුරෝපා සංගමය යුක්‍රේනයට ආධාර සැපයෙයි. මේ හේතුවෙන් යුක්‍රේනය ශක්තිමත් වී ඇතැයි සඳහන්.

    රුසියාව, යළි එම ප්‍රදේශ ආක්‍රමණය කළහොත්, ප්‍රතිප්‍රහාරයකට සූදානම් බවයි, යුක්‍රේනය පවසන්නේ.

    Last modified on සදුදා, 11 අප්‍රේල් 2022 11:52

    Latest News