'යුක්‍රේනය කිසිඳු බිම්කොටසක් ලබාදීමට සූදානම් නෑ'

අප්‍රේ 12, 2022

    පවතින යුද්ධය නැවැත්වීමේ අරමුණින් රුසියාවට, යුක්‍රේනයේ කිසිඳු බිම්කොටසක් ලබාදීමට තමා සූදානම් නැතැයි,ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසයි. මේ වන විටත් රට මුදා ගැනීමට 15,000කට ආසන්න පිරිසක් ජීවිත පරිත්‍යාග කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

    පෙබරවාරි මස 4වැනිදා දෙරටේ යුද්ධය ආරම්භ වූ දින සිට යුක්‍රේනයේ 3,800කට අධික සිවිල් වැසියන් පිරිසක් ආබාධිත තත්වයකට පත්ව තිබේ. දරුණු යුද ගැටුම් හේතුවෙන් තවත් 2,000කට අධික පිරිසක් තුවාල ලබා සිටියි.

    මියගොස් ඇති සිවිල් වැසියන් අතරින් 250කට වැඩි පිරිසක් කාන්තාවන්. ඉන් 70කට අධික පිරිසක් කුඩා දරුවන්. මීට අමතරව, වාර්තා නොවූ තවත් මරණ රැසක් සිදුව ඇති බවට බලධාරීන් සැක කරයි.

    වැඩිහිටියන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු 831ක සහ කුඩා දරුවන් බවට සැලකෙන මළ සිරුරු 63ක් හඳුනාගැනීමට අපහසු ශරීර කොටස් හමුවී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    මේ වන විටත් යුක්‍රේන ජාතිකයන් රැසක් ගැටුම්වලින් මියගොස් ඇතත් සාමය පතා රුසියාවට, යුක්‍රේන බල ප්‍රදේශ කිසිවක් ලබා නොදෙන බවයි ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 12 අප්‍රේල් 2022 12:50

    Latest News