අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් 4ක් මරුට....

මාර් 20, 2022

    නෝර්වේ රාජ්‍යයේදී අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

    එක්සත් ජනපද මැරීන් බලකායට අයත් මෙම ගුවන් යානය සිකුරාදා නේටෝ අභ්‍යාසයකට සහභාගිවීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. එය නෝර්වේ බෝඩෝ නගරයට දකුණට වන්නට කඩා වැටී තිබෙනවා. අයහපත් කාලගුණ තත්වය මෙයට මුලික හේතුවයි. අයහපත් කාලගුණය නිසා විමර්ශන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

    Latest News