ටැන්සානියාවේ ගුවන් අනතුරින් මරණ 19ක්

නොවැ 07, 2022

    ටැන්සානියාවේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ගුවන් යානය ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ වික්ටෝරියා විලට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් සහ ගුවන් යානයේ සිටි මගීන් එක් වී පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබෙනවා. නියමුවන් දෙදෙනා ද අනතුරෙන් මිය යන්නට ඇති බවයි, ටැන්සානියානු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. අනතුරට හේතුව, මෙතෙක් හඳුනාගෙන නැහැ.

    අයහපත් කාලගුණය නිසා ගුවන් යානය ගොඩබෑමේ තීරණය අත්හිටුවීමට ගුවන් නියමුවන් පියවර ගත්තා. අනතුරුව, එය යළිත් ගුවන්ගත කිරීමට උත්සහ දරන අවස්ථාවේදී අනතුර සිදුව ඇතැයි, වාර්තා වනවා.

    Latest News