චීනයේ දී කඩාවැටුණු යානයේ සියලු දෙනා මරුට

මාර් 23, 2022

    චීනයේ ගුවන්ෂි කඳුවැටියට කඩා වැ‌ටුණු මගී ගුවන් යානයේ සියලු දෙනා මිය ගොස් ඇති බවට චීන බලධාරීන් සදහන් කරයි. යානය අනතුරට පත්වන විට ඒහි මගීන් 132 සිටි බව සදහන් වේ. කෙසේ නමුත් මුදවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    යනායේ සුන්බුන්, පිළිස්සුණු මළ සිරුරු සහ මගීන්ගේ බඩුබාහිරාදිය සොයා ගෙන ඇති බව වාර්තාවේ. MU - 5735 දරණ මගී ගුවන් යානය චීනයේ, යුනාන් ප්‍රාන්තයේ සිට දකුණු දිග චීනයේ ගුවන්ෂු නගරයට පියාසර කරමින් තිබියදී මෙම අනතුරට ලක්විය.

    යානය අනතුරට ලක්වන විට ඒය අඩි 30,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු බව සදහන්වේ. හදුනාගැනීමට නොහැකි සිරුරු ඩීඒන්ඒ පරීක‍්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 09:48

    Latest News