රුසියානු හමුදා මරියුපොල් වෙත ඇතුලු වෙයි

මාර් 19, 2022

    යුක්‍රේන හමුදාවේ දැඩි ප්‍රහාර මධ්‍යයේ, රුසියානු හමුදාව මරියුපොල් නගරයට ඇතුළුවී සිටින බව වාර්තා වෙයි.

    මරියපොල් නගරය යුක්‍රේන ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙසයි සැළකෙන්නේ. මරියපොල් කාර්මික හා නිෂ්පාදන රැසක් සිදු කෙරෙන නගරයක්. යුක්‍රේන - රුසියා යුද්ධයට සති තුනක් ගතව ඇති අතර රුසියානු හමුදාව මරියපොල් නගරයට ඇතුළුව සිටින බව එහි නගරාධිපතිවරයා සනාථ කර තිබේ.

    යුක්‍රේනයේ ප්‍රධාන නගර 4ක් මූලික කර ගනිමින් රුසියානු ප්‍රහාර එල්ල වෙයි. කියෙව්,කැකිවු,කෙසෝන් හා මරියපොල් එම නගරයි. ඉන් මරියපොල් නගරය අත්පත් කර ගැනීම රුසියාවේ ප්‍රධාන ඉලක්කයක්.

    කැකිවු නගරය අර්ධ වශයෙන් අත්පත් කර ගත් රුසියානු හමුදාවේ මීළඟ වෑයම කියු අගනගරය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමයි.

    Latest News