2010 පසු චීනයේ සිදුවූ දරුණු ගුවන් අනතුර

මාර් 22, 2022

    චීනයේ සිදුවූ ගුවන් අනතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතියි.

    ඒ සඳහා දහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මගීන් 132 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ අනතුරට ලක්විය. අනතුර සිදුව ඇත්තේ, දකුණු චීනයේ ගුආන්ශී කඳු පන්තිය ආශ්‍රිතවයි. සිවිල් ගුවන් සේවා ආරක්ෂාව ගැන ඉහළ වාර්තාවක් තබා ඇති චීනයේ 2010 වසරෙන් පසු සිදුවූ ප්‍රථම මාරාන්තික ගුවන් අනතුර මෙයයි.

    යානය, කඳුකර ප්‍රදේශයට කඩාවැටීමෙන් පසු ප්‍රබල ගින්නක් හටගත් බවයි, සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 22 මාර්තු 2022 10:39

    Latest News